අප ගැන තොරතුරු

ශ්‍රී ලංකා දුම්රිය සේවය යනු ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජයේ දෙපාර්තමේන්තුවකි. එය ප්‍රධාන ප්‍රවාහන පහසුකම් සපයන්නෙකු වන අතර රටේ පවතින එකම දුම්රිය ප්‍රවාහන සංවිධානය වේ. ශ්‍රී.ලං.දු.සේ. මගීන් ප්‍රවාහනය හා බඩු ප්‍රවාහනය යන සේවාවන් දෙකම ඉටු කරයි. දුම්රිය සේවය ආරම්භයේදී මගී ප්‍රවාහනයට වඩා බඩු ප්‍රවාහනය සිදු කළේය. නමුත් අද එය මගී  ප්‍රවාහනයට වැඩි නැඹුරුවක් සහිතව ක්‍රියාත්මක වේ. 

එදිනෙදා මගීන් ඔවුන්ගේ සේවා ස්ථාන කරා ප්‍රවාහනය කරමින් ශ්‍රී.ලං.දු.සේ. සපයන සේවය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වූවකි. ශ්‍රී ලංකා දුම්රිය සේවය ආසන්න වශයෙන් සතියේ සාමාන්‍ය වැඩකරන දිනකට අදාලව දුම්රිය 320 ක් ධාවනය කරයි.  

ශ්‍රී ලංකා දුම්රිය සේවය, දුම්රිය සාමාන්‍යාධිකාරී (GMR) යටතේ ක්‍රියාත්මක වේ. සාමාන්‍යාධිකාරී, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත වාර්තා කරයි.