වායූසමීකරණ පද්ධති වැඩකරන ආකාරය, මැදිරිවල වායූසමීකරණ යන්ත්‍ර ක්‍රියාකාරීත්වය හා නඩත්තුවේදි විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ ධාවනාගාර ෆෝමන්වරු, තාක්ෂණ ශීල්පීන්,පරිපාලකවරු දැනුවත් කිරීමේ වැඩසටහනක් ප්‍රධාන ඉන්ජිනේරුතුමා (ධාවනබල) ගේ උපදෙස් මත කේ.කේ.හේවාවිතාන මහතා (ප්‍රධාන ඉන්ජිනේරු - යාන්ත්‍රික)ගේ සම්පත් දායකත්වයෙන් ධාවනබල උපදෙපාර්තමේන්තු පරිශ්‍රයේදි පවත්වන ලදි.
S11,S12,S13 දුම්රිය එන්ජින්වල ක්‍රියාකාරීත්වය පිළිබඳ දුම්රිය කාර්යභාර නිලධාරින් සහ දුම්රිය එන්ජින් රියදුරු මහත්වරු දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන, ප්‍රධාන ඉන්ජිනේරුතුමා (ධාවනබල) ගේ උපදෙස් මත ඩබ්.එස්.පී.ගුණවර්ධන මහතා (සහකාර ප්‍රවාහන අධිකාරී - ධාවනබල) හා කේ.ඒ.එම්.කහදව මහතා (සහකාර ප්‍රවාහන අධිකාරී - සංරක්ෂණ) යන මහත්වරුන්ගේ සම්පත් දායකත්වයෙන් ධාවනබල උපදෙපාර්තමේන්තු පරිශ්‍රයේදි පවත්වන ලදි.
එන්ජින්වල භාවිතාවන සෙන්සර්,රිලේ,pressure switch, temp switch, pressure sensor, temp sensor සහ instrument වල දෝෂ හඳුනා ගැනීම හා නිවැරදි කිරීම් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන, ප්‍රධාන ඉංජිනේරුතුමා (ධාවනබල)ගේ මූලිකත්වයෙන්, ඉංජිනේරු (විදුලි) කේ.එල්.එස්.රසාංග මහතාගේ සම්පත් දායකත්වයෙන් ධාවනබල උප දෙපාර්තමේන්තුවේදි පසුගියදා පවත්වන ලදි.
රාජ්‍ය සේවයේ ගැටුම් නිරාකරණය පිළිබඳ සේවක සංසදයේ වැදගත්කම ධාවනබල උප දෙපාර්තමේන්තුවට බලපාන ආකාරය පිළිබඳ ප්‍රධාන ඉංජිනේරු (ධාවනබල) විසින් Citrus Hotel පරිශ්‍රෙය්දී සිදු කරන ලද දේශණය.
ආතර් සී ක්ලාක් පුහුණු ආයතනයෙන් පුහුණුව ලැබූ නිලධාරීන් ප්‍රධාන ඉංජිනේරුතුමා (ධාවනබල)ගෙන් අදාල සහතික පත් ලබා ගත් අයුරු.
දුම්රිය අනතුරු හා පීලී පැනීම් වලදි විමර්ශනවලට පිළිතුරු සැපයීම දුම්රිය ඒන්ජින් හෝ මැදිරි කාර්මික දෝෂයකදි ක්‍රියා කළයුතු ආකාරය හා වාර්ථා කිරීම.
දුම්රිය ධාවනයට පෙර පරික්ෂාව සහ ධාවනයට පෙර දෝෂ හඳුනා ගැනීම ආදි කරුණු පිළිබඳ ධාවනබල උප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරුතුමා විසින් දුම්රිය රියදුරන්ට දැනුවත් කල අයුරු.
වායූ තිරිංග පද්ධතිවල කොටස් හා ඒවා නඩත්තුව වැල්ව සේවා කිරීම ද ඇතුලත් කර අමතර කොටස් මිලදි ගැනීම.
විශේෂ ආයුධ හා උපකරණ මිලදී ගැනීම සම්බන්ධයෙන් ප්‍රධාන අධික්ෂණ කළමණාකරුවන්ට හා අධික්ෂණ කළමණාකරුවන්ට දැනුවත් කිරීමේ වැඩ සටහනක් අධිකාරී ඉංජිනේරු අසේල පතිරණ මහතා විසින් සිදු කරනු ලැබු අවස්ථාව.
එන්ජින් යන්ත්‍ර සහ මැදිරිවල යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය, විදුලි පරිපථ ක්‍රියාකාරීත්වය සහා තිරිංග ක්‍රියාකාරීත්වය පිළිබඳ පුහුණු වැඩසටහන් 2023.11.17 ප්‍රධාන ඉංජිනේරුතුමා (ධාවනබල) ගේ ප්‍රධානත්වයෙන්, දෙමටගොඩ ධාවනාගාරයේ ප්‍රධාන අධීක්ෂණ කළමනාකරු ටී.ඒ.අනුර මහතාගේ සම්පත් දායකත්වයෙන් ප්‍රධාන ඉංජිනේරු ධාවනබල උප දෙපාර්තමේන්තුවේ දී පවත්වන ලදි.
ප්‍රධාන ඉංජිනේරුතුමා (ධාවන බල) ගේ සංකල්පය ක් අනුව "ඔබ සුරැකි ගමනකද?" යන්න තේමාව කර ගනිමින් ධාවනාගාර කාර්ය මණ්ඩල වලට තොරතුරු තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ පළමු වැඩ සටහන ජලශක්ති ධාවනාගාරයේ නිලධාරීන් සමග සිදු කරන ලද අතර එහිදි තොරතුරු තාක්ෂණ සම්බන්ධිකරණ (අධීක්ෂණ) නිලධාරීන් ලෙස එල්.එස්.ජී.ධර්මසිරි, ඩබ්.ඒ.කේ.සී.කරුණාරත්න යන මහත්වරුන් පත් කරන ලදී.
රාජ්‍ය සේවයේ ගැටුම් නිරාකරණය පිළිබඳ සේවක සංසදයේ වැදගත්කම ධාවන බල උප දෙපාර්තමේන්තුවට බලපාන ආකාරය පිළිබද දේශණයක්, ප්‍රධාන ඉංජිනේරුතුමා (ධාවන බල) විසින් Movenpick හෝටල් පරිශ්‍රයේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන් හට සිදු කරන ලදී.
පිරික්සුම් ලැයිස්තුවකට අනුව දුම්රිය ධාවනය ආරම්භ කිරීම හා එම දත්ත ජංගම දුරකථන යෙදවුමක් හරහා ගබඩා කිරීමේ වැඩසටහන ප්‍රධාන ඉංජිනේරුතුමා(ධාවනබල)ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද අවස්ථාව.
රාජ්‍ය සේවයේ ගැටුම් නිරාකරණය පිළිබඳ සේවක සංසදයේ වැදගත්කම ධාවනබල උප දෙපාර්තමේන්තුවට බලපාන ආකාරය පිළිබඳ ප්‍රධාන ඉංජිනේරු (ධාවනබල) විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරින් හට සිදු කරන ලද දේශණය.
රාජ්‍ය සේවයේ ගැටුම් නිරාකරණය පිළිබඳ සේවක සංසදයේ වැදගත්කම ධාවනබල උප දෙපාර්තමේන්තුවට බලපාන ආකාරය පිළිබඳ ප්‍රධාන ඉංජිනේරු (ධාවනබල) විසින් රාජ්‍ය අධ්‍යාපන අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරින් හට සිදු කරන ලද දේශණය.